නායයෑම්, ගංවතුර අවදානම් ඉදිරි දින කිහිපයේත් එලෙසමයි – තවදුරටත් අනතුරු ඇඟවීම් (නිවේදනය)

දිවයිනට ම බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ ආපදා ඇතිවීමේ අවදානම් සහගත බව ඉදිරියටත් බලපැවැත්වෙන බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව විසින් අද (14) පස්වරුවේ අධික වර්ෂාව, ගංවතුර, අකුණු ගැසීම් සහ නායයෑම් සම්බන්ධයෙන් සිදු ව ඇති ආපදා තත්ත්වයන් පිළිබඳව විශේෂ වාර්තාවක් නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් වන්නේ පසුගිය සතියේ 07 වැනිදින සිට වායු ගෝලයේ කැලඹිලි ස්වභාවයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පමණ අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතින බවයි.

කළුතර, රත්නපුර, කොළඹ, ගම්පහ, කෑගල්ල, ගාල්ල, කුරුණෑගල, පුත්තලම, මහනුවර ආදි ප්‍රදේශවලටත්, පොළොන්නරුව, කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලටත් මේ වනවිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කළු, කැලණි, නිල්වලා හා අත්තනගලු ඔය යන ස්ථාන 05ක් ආශ්‍රිතව පහත්බිම්වල ජීවත්වන ජනතාවට ද ගංවතුර නිවේදන නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වනවිට දිස්ත්‍රික්ක 12හි සිදු වූ ජල ගැලීම්, අධික සුළං, පස් කණ්ඩි කඩා වැටීම් සහ ගස් කඩා වැටීම් හේතුවෙන් පවුලු 39,123ක පුද්ගලයින් 152,424ක් අවතැන්ව තිබෙනවා.

ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන 69ක රඳවා ඇති අතර පවුල් 1927ක පුද්ගලයින් 7918ක් රඳවා ඇති බවයි වාර්තා වන්නේ.

පූර්ණ නිවාස හානි 01ක් ද අර්ධ නිවාස හානි 317ක් වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් මහජනතාව වෙත නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙතැනින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39