“රටම එකට” ජාතික මෙහෙයුම අනුව පොලිසිය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්රව්ය නිවාරණ මෙහෙයුමෙහි ඊයේ (19) දිනට අදාළ දෛනික වාර්තාව පහත පරිදි වනවා.
ඒ අනුව, ඊයේ (19) දිනයේ දී පොලිසිය විසින් මුළු වැටලීම් 873ක් සිදු කර ඇති අතර, එම වැටලීම් මඟින් සැකකරුවන් 857 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඊයේ (19) දිනයේ දී පොලිසිය විසින් හෙරොයින් මත්ද්රව්ය කිලෝ 01යි ග්රෑම් 119ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
එමෙන්ම අයිස් ග්රෑම් 784ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින්,
