spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නානුඔය සහ කඳපොල අතර දුම්රිය ධාවනය කඩිනමින්

නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේ නිල සංචාරයකට අද (21) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමි අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අවශ්‍යතාවය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ කාලයේ දී ක්‍රියාත්මක වූ නුවරඑළිය සහ කඳපොල දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවන කටයුතු නැවත ආරම්භ කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, ඒ සඳහා නව දුම්රිය මාර්ග සකස් කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් කරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

එමෙන්ම නුවරඑළියේ සිට කොළඹ දක්වා එළවළු ප්‍රවාහනය කිරීම සඳහා නානුඔය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආර්ථික මධ්‍යස්ථාන ශාඛාවක් ස්ථාපනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?