spot_imgspot_img
spot_img

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග පාර්ශව කිහිපයකට සහන දෙන්න ජනපතිගෙන් උපදෙස්

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග පාර්ශව කිහිපයක් වෙනුවෙන් සහන ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට මෙන්ම අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කළ විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග, විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම, අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම සහ ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල (solar panels) ලබා දෙන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත කරන ලද විදුලිබල මණ්ඩලයේ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇත්තේ.

ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?