spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නව අධ්‍යාපන ලේකම් රාජකාරී අරඹයි

නව අධ්‍යාපන ලේකම් ලෙස පත්කෙරුණු වසන්තා පෙරේරා මහත්මිය අද (01) දිනයේ එම තනතුරේ රාජකාරී ආරම්භ කළා.

මෙයට පෙර ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ද කටයුතු කළ තැනැත්තියක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?