නව අධ්‍යාපන ලේකම් රාජකාරී අරඹයි

නව අධ්‍යාපන ලේකම් ලෙස පත්කෙරුණු වසන්තා පෙරේරා මහත්මිය අද (01) දිනයේ එම තනතුරේ රාජකාරී ආරම්භ කළා.

මෙයට පෙර ඇය අධිකරණ, විදුලිබල හා බලශක්ති, සෞඛ්‍ය, සහ වෘත්තීය පුහුණු, අමාත්‍යාංශයන්හි ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුදල්, ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවල ප්‍රධාන නායකත්ව තනතුරුවල ද සේවය කර ඇය ශ්‍රී ලංකා තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක් ලෙස ද කටයුතු කළ තැනැත්තියක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියෙකු වන වසන්තා පෙරේරා මහත්මිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික සංවර්ධන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හිමිකරගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44