නවක වෛද්‍යවරුන්ට රජය තර්ජනය කරලා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක්

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට රජය විසින් තර්ජනය කරමින් ඔවුන්ව පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම් කිරීමට පොළඹවා ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

අද (04) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මේ බව සඳහන් කළා.

ප්‍රධාන ලේකම්වරයා පවසා සිටියේ, වැටුප් නවතා දමන බව, රැකියාව අහිමි කරන බව සහ නිල නිවසවලින් ඉවත්කරන බවට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට රජය විසින් මෙලෙස තර්ජනය කර ඇති බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇති බවයි.

ඒ, අනුව වෛද්‍යවරුන් 453 දෙනෙකුගෙන් 435ක් මෙම පත්වීම් සඳහා අයදුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ වනවිට ඊට අදාළ ලැයිස්තුව සකස් කරමින් සිටින බවත් ඉදිරියේ දී එය ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ, අනුව සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර අදාළ වෛද්‍යවරුන්ට එම පත්වීම් ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

  1. රජයේ පත්වීමි දෙන්න මොකාගෙන්වත් අවසර ගන්න ඕනෑ නෑ. දොස්තරලා හිගය මිසක් අතිරික්ත වුනා නම් බලාගන්න තිබුනා කෙලිය.

  2. ඔය වෛද්‍ය trade union එක රාජ්‍ය සේවය නොවේද? රාජ්‍ය සේවයේ පත්වීම් වලදී අපි දෙන තැනට යන්න ඕනේ. මමත් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙක්. මගේ පළමු පත්වීම දෙමළ අකුරක් නොදැන සිටියදී Jaffna වලට. ඒත් Jaffna වල හද්දා පිරිසරට. ඉතින් මොකද කරන්නේ. මම ගියා කෝච්චියේ එල්ලිලා. කිසිම අයෙක් වාඩිවෙන්න දෙන්නේ නැහැ මන් සිංහල නිසා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28