ඉන්දියාවේ මුදල් ඇමති සහ ලෝක බැංකු අධිපති අතර සාකච්ඡාවක්

ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ලෝක බැංකු සභාපති අජේ බංගා අතර ඊයේ (01) දිනයේ සාකච්ඡාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ පැවති “G20” මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ (FMCBG) රැස්වීමට සමගාමීව ඔවුන් හමුවූ අවස්ථාවේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

ආයතනික, යටිතල පහසුකම් සහ නාගරික බැඳුම්කර වෙළෙඳපොළ ගැඹුරු කිරීම සඳහා ඉන්දියාව සහ ලෝක බැංකුව අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී ඔවුන් අවධානය යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍රවල තාක්ෂණය උපයෝගී කර ගැනීමේ අවස්ථා ගවේෂණය කිරීම ඇතුළුව, ඉන්දියාවේ ගෝලීය ඩිජිටල් පොදු යටිතල පහසුකම් පිළිබඳ දැනුම් කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා ලෝක බැංකු සමූහය සමඟ ඉන්දියාව දක්වන සම්බන්ධය පිළිබඳව ද ඉන්දියාවේ අගමැතිනි අවධාරණය කළ අතර, එය දියත් කිරීම සඳහා අවශ්‍ය මුල් ප්‍රගතිය අපේක්ෂා කර ඇති බව ද ඇය විසින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර සාම්ප්‍රදායික ණය හිමි-ණය ගැණුම්කරු සම්බන්ධතාවයක සිට ගෝලීය දැනුම, නවෝත්පාදනය සහ පෞද්ගලික ප්‍රාග්ධන බලමුලු ගැන්වීම සඳහා උපායමාර්ගික වේදිකාවක් දක්වා හවුල්කාරිත්වය විකාශනය කිරීම, ඉන්දියාවේ පරිමාණය සහ ක්‍රියාත්මක කිරීමේ ධාරිතාව ලෝක බැංකු සමූහයේ ගෝලීය විශේෂඥතාව සහ මූල්‍යකරණ උපකරණ සමඟ ඒකාබද්ධ කිරීම පිළිබඳව ඔවුන් වැඩිදුරටත් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39