පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින්
සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේශ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් හා තවදුරටත් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නියෝග කළා.
සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ඔක්ස්වර්ඩ් පෙරේරා විසින් කරන ලද ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.













