AFC Banner
AFC Banner
Empty Ad

දෙහිවල කාන්තාවකගේ අමුතු සෙල්ලම පොලිසියෙන් අල්ලයි

බැංකු ගිණුම් 5ක් පවත්වාගෙන යමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් කාන්තාවක් මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා,

පසුගිය වසර 4ක් පුරා එම ගිණුම්වල රුපියල් බිලියන 6 කට අධික මුදලක් සංසරණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41ක් වු දෙහිවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකය මඟින් ලබාදුන් තොරතුරු මත එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ කාන්තාවගේ ගිණුම්වලට මුදල් බැර කළ පුද්ගලයින් පිළිබඳව ද මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔවුන් බොහෝදෙනෙක් ප්‍රාදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයින් බවට අනාවරණය වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?