දෙවන එක්දින තරගයේ දී ශ්‍රී ලංකාවට අභියෝග ගත ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන් එක්දින තරග අද (31) හරාරේ හිදී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 07ක් දැවී ලකුණු 277ක් සිය ලකුණු පුවරුවට එක්කරමින්.

එහිදී ආරම්භ පිතිකරු බෙන් කරන් ලකුණු 79ක් රැස්කළ අතර, බ්‍රෙන්ඩන් ටේලර් සහ නායක ෂෝන් විලියම්ස් ලකුණු 20 බැගින් රැස් කළා.

සිම්බාබ්වේ ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ ක්‍රියාත්මක වූ සිකන්දර් රාසා සහ ක්ලයිව් මදන්ඩේ වටිනා සබඳතාවක් ගොඩනඟමින් සිම්බාබ්වේ ඉනිම ස්ථාවර මට්ටමකට ඔසවා තිබුණා.

එහිදී සිකන්දර් රාසා අර්ධ ශතකයක් වාර්තා කරමින් ලකුණු 59ක් රැස්කළ අතර, ක්ලයිව් මදන්ඩේ ලකුණු 36ක්රැස් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 02ක් සහ සහ දුෂ්මන්ත චමීර කඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 278ක් ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40