දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් තරගය නියමිත වේලාවට පැවැත්වීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

අද දිනයේ තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ මෙරට වේලාවෙන් උදෑසන 6.30ටයි.

වර්ෂාවත් සමඟ තරගය පැවැත්වෙන ක්‍රයිස්ට්චර්ච් තණ තීරුව වැසි ආවරණ වලින් ආවරණය කර තිබෙන ආකාරයි දක්නට ලැබුණේ.

කෙසේ වෙතත් මේ වනවිට ක්‍රීඩාංගණ සේවකයින් තරගය ආරම්භ කිරීම සඳහා ක්‍රීඩා පිටිය සකසන බවයි නවසීලන්තයෙන් තොරතුරු වාර්තා වන්නේ.

වර්ෂාවත් සමඟ අද තරගයේ දී පන්දුවාර පනහම ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් පවතී ද යන්න සැකයක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?