දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහාය සජිත්ට

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මන්ත්‍රී මනෝ ගනේෂන් ඇතුළු කණ්ඩායමේ සහාය සජිත් ප්‍රේමදාස හට හිමිවනු ඇති.