දෙපිළට ම තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය කිවියන්ට එරෙහිව අද

සංචාරක නවසීලන්තයට එරෙහිව තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද (26) පෙරවරු 10ට ආරම්භ වනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

කිවියන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ශ්‍රී ලංකාව ජය ගත්තා.

අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වන අතර ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය බලපෑම් කරනු ඇති.

නවසීලන්ත කණ්ඩායමට ද එය තීරණාත්මක වන එක් සාධකයක් වන්නේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉදිරියට යාම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිය මව් රටෙන් පිටත ටෙස්ට් තරගාවලියක පරාජයකින් බේරීම වැදගත් වන නිසාවෙන්.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු වෙනුවට නිශාන් පීරිස් කැඳවා තිබෙන්නේ මංගල ටෙස්ට් වරම් ද ඔහුට හිමි කරදෙමින්.

ඒ විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව තිබෙන අතර ටිම් සවුති නවසීලන්තය මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46