දෙපිළට ම තීරණාත්මක අවසන් ටෙස්ට් තරගය කිවියන්ට එරෙහිව අද

සංචාරක නවසීලන්තයට එරෙහිව තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගය අද (26) පෙරවරු 10ට ආරම්භ වනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

කිවියන්ට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ශ්‍රී ලංකාව ජය ගත්තා.

අද තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මක වන අතර ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ 2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය අතිශය බලපෑම් කරනු ඇති.

නවසීලන්ත කණ්ඩායමට ද එය තීරණාත්මක වන එක් සාධකයක් වන්නේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ඉදිරියට යාම සහ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සිය මව් රටෙන් පිටත ටෙස්ට් තරගාවලියක පරාජයකින් බේරීම වැදගත් වන නිසාවෙන්.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු වෙනුවට නිශාන් පීරිස් කැඳවා තිබෙන්නේ මංගල ටෙස්ට් වරම් ද ඔහුට හිමි කරදෙමින්.

ඒ විශ්ව ප්‍රනාන්දු ආබාධයකට ලක්වීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා හට හිමි ව තිබෙන අතර ටිම් සවුති නවසීලන්තය මෙහෙයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38