spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දූෂණ චෝදනා එල්ල වී සිටින වියට්නාම ජනපති ඉල්ලා අස් වෙයි

දූෂණ චෝදනා එල්ල වී සිටින වියට්නාම ජනාධිපති, වෝ වෑන් තොව් එම ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කර තිබෙනවා.

ඉල්ලා අස්වූ ජනාධිපතිවරයා එම ධූරයට පත්ව තිබුණේ පසුගිය වසරේ මාර්තු මාසයේ දී ය.

ඒ, ඊට පෙර සිටි ජනාධිපතිවරයාද දූෂණ චෝදනා එල්ල වීම හේතුවෙන් ධුරයෙන් ඉවත්ව යාමෙන් පසුවයි.

වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් සහිත රටක් වන අතර, එහි වඩාත්ම බලගතු චරිත කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් ධුරයයි.

වියට්නාම කොමියුනිස්ට් පක්ෂය දැඩි දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?