දුමින්දට ජනාධිපති සමාව දුන් හේතුව දැනගත යුතුම යි – හිරුණිකාගේ මව කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන් හේතුව තමාට ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය අද (04) මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් චෝදනා කළේ ජනධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසු සිදු කළේ සිය ගජමිතුරන්ට බදු සහන ලබාදීම සහ ජනාධිපති සමාව ලබාදීම පමණක් බවයි.

ජනධිපති සමාව අපේක්ෂාවෙන් විශාල සිරකරුවන් පිරිසක් සිටින අතරවාරයේ දුමින්ද සිල්වාට පමණක් මෙලෙස ජනධිපති සමාව ලබාදුන්නේ කෙසේදැයි ඇය මෙහිදී ප්‍රශ්න කර සිටියා.

දුමින්ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට අධිකරණ නියෝගය ලැබීමෙන් පසු ඔහුට වලිප්පුව රෝගය වැළඳී රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව, ඔහුට මෙවැනි රෝගයක් මීට පෙර තිබුනේ ද නැත්නම් අධිකරණ නියෝගයත් සමඟ මෙය හටගත්තේ ද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇති බවයි ඇය මෙහිදී කියා සිටියේ.

මේ අතර ඇය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි බොරුකාරයින්ට ප්‍රතිකාර කර වෛද්‍ය වෘත්තියේ ඇති ගරුත්වය කෙලසීමකට ලක් නොකරන ලෙසටයි.

එමෙන්ම සිය සැමියාට වෙඩි තබන අවස්ථාවේ දී එම සිදුවීමට ඉඩ දී බලාගෙන සිටි බව කියන ඉහළ පොලිස් නිලධාරියා ගෝඨා ගෝ ගමට පහරදීමට ඉඩ දී බලා සිටි බවත් ඇය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

එමෙන්ම ගම සමඟ පිළිසදරකට ගෝඨා ගෝ ගමට පැමිණෙන ලෙස තමන් ජනාධිපතිවරයාට ආරාධනා කරන බව ඇය මෙම මාධ්‍ය හමුවදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පවසා සිටියේ දුමින්ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ලබාදුන් තීන්දුව පිළිබඳව තමන්ට විශේෂ සතුටක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12