දුමින්දට ජනාධිපති සමාව දුන් හේතුව දැනගත යුතුම යි – හිරුණිකාගේ මව කියයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදුන් හේතුව තමාට ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම දැනගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පවසනවා.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය අද (04) මේ බව සඳහන් කර සිටියා.

එහිදී ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් චෝදනා කළේ ජනධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් පසු සිදු කළේ සිය ගජමිතුරන්ට බදු සහන ලබාදීම සහ ජනාධිපති සමාව ලබාදීම පමණක් බවයි.

ජනධිපති සමාව අපේක්ෂාවෙන් විශාල සිරකරුවන් පිරිසක් සිටින අතරවාරයේ දුමින්ද සිල්වාට පමණක් මෙලෙස ජනධිපති සමාව ලබාදුන්නේ කෙසේදැයි ඇය මෙහිදී ප්‍රශ්න කර සිටියා.

දුමින්ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට අධිකරණ නියෝගය ලැබීමෙන් පසු ඔහුට වලිප්පුව රෝගය වැළඳී රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව, ඔහුට මෙවැනි රෝගයක් මීට පෙර තිබුනේ ද නැත්නම් අධිකරණ නියෝගයත් සමඟ මෙය හටගත්තේ ද යන්න සම්බන්ධයෙන් තමන්ට ගැටළුවක් ඇති බවයි ඇය මෙහිදී කියා සිටියේ.

මේ අතර ඇය මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ මෙවැනි බොරුකාරයින්ට ප්‍රතිකාර කර වෛද්‍ය වෘත්තියේ ඇති ගරුත්වය කෙලසීමකට ලක් නොකරන ලෙසටයි.

එමෙන්ම සිය සැමියාට වෙඩි තබන අවස්ථාවේ දී එම සිදුවීමට ඉඩ දී බලාගෙන සිටි බව කියන ඉහළ පොලිස් නිලධාරියා ගෝඨා ගෝ ගමට පහරදීමට ඉඩ දී බලා සිටි බවත් ඇය මෙම මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

එමෙන්ම ගම සමඟ පිළිසදරකට ගෝඨා ගෝ ගමට පැමිණෙන ලෙස තමන් ජනාධිපතිවරයාට ආරාධනා කරන බව ඇය මෙම මාධ්‍ය හමුවදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මව පවසා සිටියේ දුමින්ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ලබාදුන් තීන්දුව පිළිබඳව තමන්ට විශේෂ සතුටක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20