දුම්රියක් තවත් යතුරුපැදි කරුවෙකු බිලිගනී

ඊයේ (23) වන දින දඹුව කට්ටඹුවාව මාර්ගයේ දුම්රිය හරස්‌ මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියේ ගැටී එක් අයෙකු මියගොස් තිබෙනවා.

කට්ටඹුවාව දෙසට ධාවනයවූ යතුරු පැදියක්‌, දුම්රිය හරස්‌ මාර්ගය දෙසට ධාවනය කිරීමේදී මහව දෙස සිට මඩකලපුව දෙසට ධාවනයවු දුම්රිය දැකීමෙන්‌ යතුරු පැදිය නතර කර ගැනීමට උත්සාහ කිරීමේදී පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ පෙරළීමෙන්‌ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින්‌ යතුරු පැදිකරු සහ පසු පැදිකාරිය තුවාල ලබා මහව රෝහලට ඇතුලත්‌ කර වැඩිදුර ප්‍රථිකාර සඳහා කුරුණෑගල
රෝහල මාරු කර යවා ප්‍රථිකාර ලබමින්‌ සිටියදී පැදිකරු මියගොස්‌ තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 50 ක්‌ වන උණගහයාය, කට්ටඹුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කර තිබෙනවා.

මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
13
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?