දිස්ත්‍රික්ක කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද (30) දිනයේ ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර, උතුරු පළාතේත් අනුරාධපුර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17