spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සොරකමක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ඊයේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වනවිට මෙවර තරගාවලියේ තරග 06කට සහභාගී වී තරග පහක්ම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.

මේ අතර පසුගිය ඉරිදා දිල්ලි කණ්ඩායම, දිල්ලි නුවරට පැමිණෙන අවස්ථාවේ දී අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු වූ පුවතක් ඉන්දීය මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

ගුවන් මඟින් පැමිණි දිල්ලි ක්‍රීඩකයින් නවදිල්ලියට ගොඩබසින විට ඔවුන්ගේ ක්‍රීඩා උපකරණ රැසක් සොරකම් කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මෙම සොරකම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩකයින්ගේ අසුරන ගමන් මලුවල අසුරා තිබූ බැට්, පෑඩ්, සපත්තු, කලවා පෑඩ්, අත්වැසුම් ඇතුළු උපකරණ රැසක් මෙලෙස සොරාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

දිල්ලි පිලේ නායක ඩේවිඩ් වෝනර්, ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්, කඩුලු රකින ක්‍රීඩක ෆිල් සෝල්ට් සහ යොවුන් ක්‍රීඩක යෂ් ඩුල්ගේ ක්‍රීඩා උපකරණ මෙලෙස සොරාගෙන ඇති බව සඳහන්.

මෙවැනි සිදුවීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත්, මේ සම්බන්ධයෙන් ඉතා කම්පාවට පත්වන බවත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කළමණාකාරීත්වය පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?