දියණියගේ ප්‍රේමයට විරුද්ධ වූ පියා දියණියව ඝාතනය කරලා

දියණියගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වූ පියෙක් විසින් දියණිය ඝාතනය කර එම මරණය සියදිවි හානිකරගැනීමක් බවත් පෙන්වීමට උත්සාහ කළ පියෙක් අත්අඩංගුවට ගැනුණු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

තම දියණිය වෙනත් කුලයක තරුණයෙක් සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමට විරෝධය පා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ මෙලකුන්ඩා ප්‍රදේශයේ දී සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 18ක තරුණියක්.

18 හැවිරිදි තරුණියක් සියදිවි නසාගෙන මියගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ එහි ගොස් විමර්ශන අරඹා ඇති අතර, එහිදී ඇති වූ සැකය මත තරුණියගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට දියණියන් පස්දෙනෙකු සිටින අතර, මෙම දියණියගේ වෙනත් කුලයක තරුණයෙකු සමඟ පැවති සම්බන්ධය විවාහාවීමට සිටින අනෙක් දියණියන් තිදෙනාගේ විවාහවලට බලපානු ඇතැයි සිතා ඊට විරුද්ධ වී මෙම අපරාධය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඔහු දියණියගේ ගෙළ සිරකර ඝාතනය කර පසුව එය සියදිවි හානිකරගැනීමක් බවට පෙන්වීමට ඝාතනයට ලක්වූ තරුණියගේ මුඛයට කෘමිනාශක වත්කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම ඝාතනයට තවත් ඥාතීන් දෙදෙනෙක් සම්බන්ධ බවට සැකයක් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17