දින 36ක් තුළ හෙරොයින් කිලෝ 212ක් සහ අයිස් කිලෝ 209ක් මාට්ටු

විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගිය වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන රටම එකට ජාතික මෙහෙයුම, 2026 වසරේ දී තවත් තීව්‍ර කරමින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.

ඔහු මේ බව සඳහන් කරේ අද (06) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීයි.

ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම යටතේ 2026 වසරේ ඊයේ (05) දින දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 212යි ග්‍රෑම් 737ක්, ගංජා කිලෝ 323 ග්‍රෑම් 739ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 455ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 209යි ග්‍රෑම් 852ක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

තවද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් නිකුත් කර තිබෙන රතු වරෙන්තු 103ක් සදහා විදේශයන්ගේ සහය ලබා ගනිමින් මෙම වසරේ දී එම රතු වරෙන්තුවලට අදාළව ක්‍රියාත්මක වෙමිණ අදාළ සැකරුවන් මෙරටටගේන්ව ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.

  1. Government must give serious funishment for this DRUGS TRAFIC durty people.Becouse they distroing our young generation.In Future our country will loose strong people. This drugs traffic durty people directly distroing Our Young generations



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01