විෂ මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම සඳහා ගිය වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන රටම එකට ජාතික මෙහෙයුම, 2026 වසරේ දී තවත් තීව්‍ර කරමින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.කේ. වුට්ලර් පවසනවා.
ඔහු මේ බව සඳහන් කරේ අද (06) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දීයි.
ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම යටතේ 2026 වසරේ ඊයේ (05) දින දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 212යි ග්‍රෑම් 737ක්, ගංජා කිලෝ 323 ග්‍රෑම් 739ක් සහ කොකේන් කිලෝ ග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 455ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 209යි ග්‍රෑම් 852ක් ද පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
තවද මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් වෙනුවෙන් නිකුත් කර තිබෙන රතු වරෙන්තු 103ක් සදහා විදේශයන්ගේ සහය ලබා ගනිමින් මෙම වසරේ දී එම රතු වරෙන්තුවලට අදාළව ක්‍රියාත්මක වෙමිණ අදාළ සැකරුවන් මෙරටටගේන්ව ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර සිටියා.














Government must give serious funishment for this DRUGS TRAFIC durty people.Becouse they distroing our young generation.In Future our country will loose strong people. This drugs traffic durty people directly distroing Our Young generations