‘දිට්වා ‘ නිසා හානි වූ පූජනීය ස්ථාන යළි ගොඩනැංවීමට තවත් මිලියන 129ක්

‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් බෞද්ධ විහාරස්ථාන 758 ක්, හින්දු ආගමික ස්ථාන 272ක්, මුස්ලිම් ආගමික ස්ථාන 199ක් සහ ක්‍රිස්තියානි ආගමික ස්ථාන 99ක් විවිධ ආපදාවන්ට ලක්ව ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව, 2026-04-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වෙන් කරන ලද රුපියල් මිලියන 200ක් ඇතුළුව බුද්ධ ශාසන අරමුදල, මධ්‍යම සංස්කෘතික අරමුදල හා අනගාරික ධර්මපාල පදනම විසින් යොදවන ලද රුපියල් මිලියන 800ක අරමුදල් භාවිත කරමින් මේ වන විට එම පුජනීය ස්ථාන අතරින් පුජනීය ස්ථාන 178ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබෙන බව කැබිනට් තීරණ දැනුම්දීමේ ලේඛනයේ සඳහන් වනවා.

ඉතිරි පුජනීය ස්ථාන අතරින් තවත් පුජනීය ස්ථාන 90ක් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇති අංක 01/2026 දරන චක්‍රලේඛ විධිවිධාන වලට යටත්ව, රුපියල් මිලියන 129.69 ක ප්‍රතිපාදන යොදා ගනිමින් ප්‍රතිසංස්කරණය කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15