කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව එම ඒකකයේ මහනුවර උප ඒකකය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
එම විමර්ශනයට අනුව ඊයේ (03) දහවල් ගිනිගත්හේන ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු වයස අවුරුදු 36 ක් වන ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි අයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු පැමිණිලිකාර කාන්තාව සමඟ විවාහ වී සිට පසුව නීත්‍යානුකූලව වෙන්වීමෙන් පසු මෙම අපරාධය සිදුකර ඇති බව දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය – මහනුවර උප ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













