22ට එරෙහි පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන්නේ නැහැ – ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් මෝසමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම්වලට අදාළව ලිඛිත දේශන ඉදිරිපත් කිරීමක් නොකරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය මෝසමක් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම මෝසම්වලින් දක්වා තිබෙන්නේ, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස තම සංගමය කළ ඉල්ලීම ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් කිසිඳු හේතුවක් නොදක්වා ප්‍රතික්ෂේප කර ඇති බවයි.

නීතිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසු තම වාචික දේශන ඉදිරිපත් කිරිම සඳහා පෙත්සම්කරුවන් කළ ඉල්ලීමට අවසරය අහිමි වූ බවත් ඔවුන් සිය මෝසම් මඟින් සඳහන්කර තිබෙනවා.

ඒ හේතුවෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි කෙරුණු බවත් එම මෝසම තුළින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර අදාල පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් වලට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමේ කාලය අද සවස 3.00 වන විට අවසන් වුණා.

ඒ වනවිට පාර්ශ්ව ගණනාවක් විසින් ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය ලිඛිත දේශන ඉදිරිපත් කර තිබුණා.

විසි දෙවන සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කතානයකවරයා වෙත යොමු කරන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ නිවේදනය කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39