එල්නිනෝ තත්ත්වය යටතේ කෘෂි රක්ෂණ වන්දි ගෙවීමට රජයෙන් මිලියන 3000ක්

මොණරාගල, පොළොන්නරුව,හම්බන්තොට, අනුරාධපුර, අම්පාර ආදී දිස්ත්‍රික් වල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී, බඩඉරිගු ඇතුළු අනිකුත් වගාවන්ට හානි සිදුවී ඇති බව වාර්තා වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

මෙහිදී වී වගාවට අදාලව මොණරාගල අක්කර 1401ක්, පොළොන්නරුව අක්කර 1259ක්, හම්බන්තොට අක්කර 783ක් , අම්පාර අක්කර 1055 ක් සහ අනුරාධපුර අක්කර 1923 ක ප්‍රමාණයක් ඇතුළුව මේ තත්ත්වය යටතේ හානියට පත් දිස්ත්‍රික්කයන්හි ආසන්න ලෙස ගොවීන් 7000 කට පමණ අයත් ගොවිබිම් අක්කර 8000 කට ආසන්න ප්‍රමාණයක් හානියට පත්ව ඇති බව මේ වන විටත් හඳුනාගෙන ඇති බව පැවසෙන්නේ.

මෙම වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 3000 ක ප්‍රමාණයක් රජය විසින් වෙන්කර ඇත.මේ වන විට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්‍ෂෙත්‍ර නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර වරුන් ඇතුළු කණ්ඩායම් වියළි කාලගුණික තත්වය යටතේ බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක වල වගා බිම් වලට ගොස් හානි තක්සේරු කිරීම් කටයුතු මේ වන විට සිදුකරමින් පවතිනවා.

හානියට පත් වගාවන් සඳහා මීලග කන්නයට පෙර කඩිනමින් වන්දි මුදල් නිදහස් කර ගොවීන්ට සහන සැලසීම රජයේ අරමුණ වන අතර ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යතුමා විසින් මෙම තත්වය යටතේ හානියට පත් වූ කුඹුරු බිම් සඳහා වන්දි ගෙවීම කඩිනම් කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී හානියට පත් වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, සෝයා හා මිරිස් යන බෝග 06 ක් සඳහා හෙක්ටයාරයක් සඳහා රු.100,000/- මුදලක් අක්කර 05 ක් සඳහා උපරිම වශයෙන් වන්දි ගෙවීම සිදුකරනු ලබනවා.

මේ දක්වා හානි දැනුම්දීම සිදුකර නොමැති ගොවි මහතුන් හැකි ඉක්මනින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හෝ කෘෂිකාර්මික හා ගොවිජන මණ්ඩලයේ සංවර්ධන/ක්ෂේත්‍ර නිලධාරීන් හමුවී තම හානිය දැනුම් දීම කිරීම හෝ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ පොතෙහි වගා හානිය සටහන් කිරීම කලයුතු යුතු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කෙටි ඇමතුම් අංකය වන 1918 ඇමතීම මගින් ගොවි මහතුන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46