spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැවැද්ද නොදුන්නට නයකු දෂ්ට කරවා බිරිඳ මැරූ සැමියෙකුට ලැබුනු දඬුවම

සිය බිරිඳ නිදාගෙන සිටියදී ඇය සර්ප දෂ්ටනයකට ලක්කොට මරා දැමූ සැමියකුට කේරළ අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කොට තිබේ.

25 හැවිරිදි එම බිරිය නයකු දෂ්ට කිරීමෙන් මියගොස් ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ඒ පිළිබඳව ඇගේ සැමියා සැක පිට අත්අඩංගුවට ගනු ලැබිණි.
බිරිඳගේ ඥාතීන්ද පවසා තිබුණේ ඇගේ මරණය සැක සහිත බවයි.

ඊට සති කිහිපයකට පෙර ඇයට මේ ආකාරයෙන්ම වැලි පොළඟෙකු දෂ්ට කර තිබීම ඊට හේතුවය.

වැඩිදුර පරීක්ෂණවලදී ඇගේ ඝාතනයට දෑවැද්ද පිළිබඳ ප්‍රශ්නයක් බලපා ඇති බව පොලිසිය හෙළි කර ගෙන තිබිණි.

පරීක්ෂණ කටයුතු අතරේදී ඔහුට සහාය දුන් පුද්ගලයකුද අත්අඩංගුවට ​ගනු ලැබීය.
සහායකයා සැමියාට නයකු සපයා දුන් පුද්ගලයා ලෙස සැලකේ. පසුව ඔහු පොලිසියේ සාක්ෂිකරුවකු බවට පත් වූයේය. මෙම නඩු විභාගය සඳහා පොලිසිය පිටු 1000ක පමණ ලිපි ලේඛන හා වාර්තා ඉදිරිපත් කර ඇත.

මෙය එරට අධිකරණය ලබාදුන් දුර්ලභ සිරදඬුවමක් සේ සැලකේ. බන්ධනාගාරගත කිරීමට අමතරව ඉන්දීය රුපියල් පන් ලක්ෂයක දඩයක්ද ඔහුට පනවා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?