දැරියක් දූෂණයකර පැනගොස් සිටි සුළුපියා හය වසරකට පසු පොලිස් දැලේ

වයස අවුරුදු 12ක දැරියක් දූෂණය කර වසට 06ක කාලයක් සැඟව සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය, මුත්තුනගර්, පාලන්පටාර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පොතාන පොලිසිය විසින් සැකකරු අද (17) දිනයේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු දැරියගේ සුළු පියාවන අතර, මේ වනවිට ඔහු 50 හැවිරිදි වියේ පසුවන හොරොව්පොතාන, කිවුලේකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

දැරියගේ පියා මියගිය පසු ඇයගේ මව හා විවාහ වී ඔවුන් සියලුදෙනා එකම නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

2017 වසරේ සැප්තැම්බර් මස සැකකරු විසින් අදාළ දැරිය දූෂණය කර ප්‍රදේශයෙන් පළාගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුව දැරියගේ මව විසින් සිදුකළ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට තිබූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබුණා.

වසර ගණනක් පොලිසිය මඟ හරිමින් සිටි සැකකරු පිළිබඳව ලද තොරතුරකට අනුව ගොවිපලක වැඩ කරමින් සිටිය දී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු අතින් දූෂණයට ලක් වූ දැරිය ගැහැණු දරුවෙකු බිහිකර ඇති අතර, පොලිසිය පවසන්නේ එම දැරියගේ වයස ද මේ වනවිට අවුරුදු හයක් බවයි.

සැකකරු හෙට (18) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හොරොව්පොතාන පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01