spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දැරියක් දූෂණයකර පැනගොස් සිටි සුළුපියා හය වසරකට පසු පොලිස් දැලේ

වයස අවුරුදු 12ක දැරියක් දූෂණය කර වසට 06ක කාලයක් සැඟව සිටි සැකකරුවෙකු ත්‍රිකුණාමලය, මුත්තුනගර්, පාලන්පටාර් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පොතාන පොලිසිය විසින් සැකකරු අද (17) දිනයේ අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු දැරියගේ සුළු පියාවන අතර, මේ වනවිට ඔහු 50 හැවිරිදි වියේ පසුවන හොරොව්පොතාන, කිවුලේකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

දැරියගේ පියා මියගිය පසු ඇයගේ මව හා විවාහ වී ඔවුන් සියලුදෙනා එකම නිවසේ පදිංචිව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

2017 වසරේ සැප්තැම්බර් මස සැකකරු විසින් අදාළ දැරිය දූෂණය කර ප්‍රදේශයෙන් පළාගොස් සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පසුව දැරියගේ මව විසින් සිදුකළ ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට තිබූ අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබුණා.

වසර ගණනක් පොලිසිය මඟ හරිමින් සිටි සැකකරු පිළිබඳව ලද තොරතුරකට අනුව ගොවිපලක වැඩ කරමින් සිටිය දී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

සැකකරු අතින් දූෂණයට ලක් වූ දැරිය ගැහැණු දරුවෙකු බිහිකර ඇති අතර, පොලිසිය පවසන්නේ එම දැරියගේ වයස ද මේ වනවිට අවුරුදු හයක් බවයි.

සැකකරු හෙට (18) කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි හොරොව්පොතාන පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?