Fly high Get bonus Aviator Phone

දහම් පාසල් ගුරු විභාගයට අයදුම්පත් භාරගැනීම ඇරඹේ

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව එම අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 15 වනදා බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මෙම විභාගය සඳහා මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ අයදුම්පත් යොමුකිරීමේ පහසුකම සලසා දී තිබෙනවා.

අදාළ විභාය සඳහා අයදුම්කරන දහම් පාසලක ගුරුවරුන් 2023.03.15 දිනට අවම වශයෙන් මාස 06ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබිය යුතු වනවා.

ඊට අමතරව අඛණ්ඩව දහම් පාසලක ගුරුවරයෙක් ලෙස කටයුතු කර තිබිය යුතු අතර අයදුම්කරුවන් වයස අවුරුදු 18ට වැඩිවිය යුතුයි.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2021 හා 2022 වර්ෂවල මෙම විභාගය පැවැත්වීමට නිකි වූ අතර,එම වර්ෂවල අයදුම්කළ සියලු දහම් පාසල් ගුරුවරුන් ද 2023 වර්ෂය සඳහා නැවත අයදුම්පත් යොමුකළ යුතු බවට ද දැනුම් දෙනවා.

දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ජුනි මස 17 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 25 දී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?