හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අසාධ්‍ය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව, හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසනවා.
අද (12) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයා මේ වනවිට රෝහල් ගතකර ඇති බවයි.
ඔහුව වයසත් සමඟ යම් යම් වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා එලෙස රෝහල වෙත ඇතුළත් කරන බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය නොවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියා.
“අසාධ්‍යයි කියන කතාව නම් සම්පූර්ණ අසත්‍යක්. සාමාන්‍යයෙන් එතුමාගේ වයසත් එක්ක යම් යම් වෛද්‍ය පරීක්ෂණ සඳහා, ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනවා රෝහලට. එවැනි ඇතුළත් කිරීමක් කරලා තියෙන්නේ. වෛද්‍යවරු බලලා එතුමාගේ රෝගී තත්ත්වයන් හෝ මොනවා හරි දෙයක් ගැන වෛද්‍යවරු තීරණය කරයි. හැබැයි එතුමාට අසාධ්‍යයි කියලා ගෙන යන ප්‍රචාර සම්පූර්ණ අසත්‍යයි.”










