පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 16 වනදා කැඳවීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
අදාළ පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී එය වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් 16 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළා.










