spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දසුන් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු කියූ කතාව

එක්දින ක්‍රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්‍රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා දැඩි ලෙස විශ්වාසය පළ කරයි.

කණ්ඩායමක නායකයකු වීමට නම් පිතිකරුවෙකු ලෙස ලකුණු ලබා ගැනීමට වඩා වැඩි කුසලතාවක් තිබිය යුතු බවත් එම කුසලතා නොඅඩුව ඇති බැවින් ඔහු ශ්‍රී ලංකා පිල මෙහෙයවිය යුතු හොඳම ක්‍රීඩකයා බවට තම විශ්වාසය බව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්,

“දසුන් කැප්ටන් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුයි. ඔහු ක්‍රීඩක විවේකාගාරයේ සෑම ක්‍රීඩකයකුගේම ගෞරවයට පාත්‍රවී සිටිනවා. ඔහු ක්‍රීඩකයන්ව හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ට විශාල ආදරයක් සහ සහයෝගයක් දක්වනවා. ඒක නායකයකු තුළ තිබිය යුතු හොඳ ලක්ෂණයක්. ඒ වගේම ක්‍රීඩකයන් සියලු දෙනාගේ ආදරය සහ සහයෝගය ඔහුටත් නැවත ලැබෙනවා. මේ සංකලනය හැම කෙනෙකුටම ලබා ගන්න අපහසුයි. ඒ නිසා දසුන් තවදුරටත් ශ්‍රී ලංකා පිලේ නායකයා වීම කණ්ඩායමට විශාල දායකත්වයක් වේවි” සිල්වර්වුඩ් මහතා පැවසීය.“දසුන් ශානකට යළිත් පිතිකරණයට ඒමේ හැකියාව තියෙනවා. ඔහු යළිත් හොඳ තත්ත්වයට පත්වීම සඳහා දැඩි පුහුණුවක් කළ යුතුයි. සිදුවූ පරාජය ඊළඟ තරගාවලියේදී ආපසු හැරවිය හැකි යැයි බලාපොරොත්තු වෙනවා. වෙන දෙයක් නැහැ. අපි තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ වගේම දසුන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම කළ යුතුයි” සිල්වර්වුඩ් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
353
+1
12
+1
70
+1
11
+1
18
+1
23
+1
16
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?