එක්දින ක්රිකට් පිටියේ මෙතෙක් බිහිවූ දෙවැනි හොඳම එක්දින ක්රිකට් නායකයා ලෙස දසුන් ශානක තවදුරටත් නායකත්වයේ සිටිය යුතු බව ශ්රී ලංකා ක්රිකට් පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් මහතා දැඩි ලෙස විශ්වාසය පළ කරයි.
කණ්ඩායමක නායකයකු වීමට නම් පිතිකරුවෙකු ලෙස ලකුණු ලබා ගැනීමට වඩා වැඩි කුසලතාවක් තිබිය යුතු බවත් එම කුසලතා නොඅඩුව ඇති බැවින් ඔහු ශ්රී ලංකා පිල මෙහෙයවිය යුතු හොඳම ක්රීඩකයා බවට තම විශ්වාසය බව පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක් වූ පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ්,
“දසුන් කැප්ටන් කෙනෙක් වෙන්න ගොඩක් සුදුසුයි. ඔහු ක්රීඩක විවේකාගාරයේ සෑම ක්රීඩකයකුගේම ගෞරවයට පාත්රවී සිටිනවා. ඔහු ක්රීඩකයන්ව හොඳින් අවබෝධ කරගෙන ඔවුන්ට විශාල ආදරයක් සහ සහයෝගයක් දක්වනවා. ඒක නායකයකු තුළ තිබිය යුතු හොඳ ලක්ෂණයක්. ඒ වගේම ක්රීඩකයන් සියලු දෙනාගේ ආදරය සහ සහයෝගය ඔහුටත් නැවත ලැබෙනවා. මේ සංකලනය හැම කෙනෙකුටම ලබා ගන්න අපහසුයි. ඒ නිසා දසුන් තවදුරටත් ශ්රී ලංකා පිලේ නායකයා වීම කණ්ඩායමට විශාල දායකත්වයක් වේවි” සිල්වර්වුඩ් මහතා පැවසීය.“දසුන් ශානකට යළිත් පිතිකරණයට ඒමේ හැකියාව තියෙනවා. ඔහු යළිත් හොඳ තත්ත්වයට පත්වීම සඳහා දැඩි පුහුණුවක් කළ යුතුයි. සිදුවූ පරාජය ඊළඟ තරගාවලියේදී ආපසු හැරවිය හැකි යැයි බලාපොරොත්තු වෙනවා. වෙන දෙයක් නැහැ. අපි තව තවත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඒ වගේම දසුන් කෙරෙහි විශ්වාසය ඇති කර ගැනීම කළ යුතුයි” සිල්වර්වුඩ් මහතා පැවසීය.














අනිවාර්යයෙන් එය විය යුතුය
CAPTAIN’S IS NOT A BATSMAN, NOT A KEEPER NOT A BOWLER. BUT
CAPTAIN IS NOT A BATSMAN, NOT A KEEPER, NOT A BOWLER. BECAUSE HE IS AN ALLROUNDER CAN PLAY ANY ROLE AT THR TIME, ANY TIME THAT NEED TO THE TEAM OTHERTHAN THE HEAVY BURDER RESPONSIBILITY OF CAPTAINCY. HE IS NOT ONLY A TEAM PLAYER HE IS THE TEAM LEAER. HE HAS DONE HIS JOB. FORGET THE DUTY OF DASSA, WHY DON’T YOU ALL TALK ABOUT OTHER 10 PLAYERS IN THE TEAM, DID THEY DO THERE DUTY TO THE CAPTAIN, TEAM, BOARD, PEOPLE AND THE COUNTRY.PATHUM, DDS, ASALANKA (PLAYER 49 AGAINST PAKIS) MEDIS. WELLA AND PATHI ARE NEW COMMERS, MAHEESH IS INJURED. BUT HE DIDI HIS DUTY IN LAST MATCH. HE GOT 2 WICKETS, BUT DASSA DID NOT CALL FOR TV UMPIRE. SEEMS THERE ARE NO PROPER TEAM COMBINATION, THEY ARE THE MOST TALENTED PLAYERS, BUT THE CHAIN OF 11 PLAYERS DID NOT LINKED PROPERLY. PLEASE DO NOT CHANGE ANY PLAYER AND THE CAPTAIN IN THE TEAM, THEY NEED SOMETHING MORE THAN THIS, BUT THEY THEMSELVES TO FIND WHAT IS THE SOMETHING THEY HAVE TO FIND. THATS ALL
Who is Dasun ? He is a travelling allrounder. Nothing other than that.
No batting or bowling.If anybody wants to keep him only for the captaincy, Arjuna is the best option.
Because of non performing guys like Dasun Shanaka how many young talents lose opportunaties ?
It’s high time that he should step down and give chance to another rising star of young blood to get a place in the team.
This is what other countries do.
ඔහු තමයි හොඳම නායකයා ❤️❤️❤️ ආදරෙයී , සැබෑ නායකත්ව ගුණාංග තියෙන නිහතමානී අභිමානවත් නායකයා ඔහු පමණයි ❤️❤️❤️