Fly high Get bonus Aviator Phone

දරුවෙකුට සැත්කමක් සිදු කිරිමට මුදල් අවශ්‍ය බව පවසමින් සිදු කළ මුදල් එකතු කිරීමේ ජාවාරම

“හුස්ම සමග පොරබදන මල් කැකුලක් රැක ගන්න ඔබගේ දෑත් දිගු කරන්න” යනුවෙන් සදහන් කරමින් ව්‍යාජ ටිකට් පත් අලෙවි කරමින් දිවයිනේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක වීඩියෝ පටයක් පෙන්වා බස් රථ තුළ මහ පරිමානයේ මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් (12) දින නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

මහියංගනය දබාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 03 ක් වයසැති සිය දරුවාට තැලසීමියා රෝගයක් ඇති බව පවසා එය සුව කිරිමට සැත්කමක් කිරිමට අවශ්‍ය බවත්, ඒ සදහා මුදල් අවශ්‍ය බව පවසා නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය ප්‍රදේශයේ මුදල් එකතු කරන බවට රෝගි තත්ත්වයෙන් පෙලෙන දරුවාගේ පියා විසින් මහියංගණය දඹාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම දරුවාගේ පියා විසින් සිදු කළ පැමිණිල්ල අනුව නුවරඑළිය දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් පෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් උපාය දුතයෙකු යොදා සැකකරුවන් නුවරඑලිය බැස් නැවතුම්පොලේ මුදල් එකතු කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා (13) දින නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නුවරඑළියේ මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මැනවිය නියෝග කළා. මෙම නඩුව 2024.05.06 දින කැදවිමට නියෝග කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?