දරුවෙකුට සැත්කමක් සිදු කිරිමට මුදල් අවශ්‍ය බව පවසමින් සිදු කළ මුදල් එකතු කිරීමේ ජාවාරම

“හුස්ම සමග පොරබදන මල් කැකුලක් රැක ගන්න ඔබගේ දෑත් දිගු කරන්න” යනුවෙන් සදහන් කරමින් ව්‍යාජ ටිකට් පත් අලෙවි කරමින් දිවයිනේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විකාශය වූ වැඩසටහනක වීඩියෝ පටයක් පෙන්වා බස් රථ තුළ මහ පරිමානයේ මුදල් එකතු කිරීමේ ජාවාරමක් සිදුකළ සැකකරුවන් දෙදෙනෙක් (12) දින නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

මහියංගනය දබාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 03 ක් වයසැති සිය දරුවාට තැලසීමියා රෝගයක් ඇති බව පවසා එය සුව කිරිමට සැත්කමක් කිරිමට අවශ්‍ය බවත්, ඒ සදහා මුදල් අවශ්‍ය බව පවසා නාඳුනන පුද්ගලයන් දෙදෙනකු නුවරඑළිය ප්‍රදේශයේ මුදල් එකතු කරන බවට රෝගි තත්ත්වයෙන් පෙලෙන දරුවාගේ පියා විසින් මහියංගණය දඹාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම දරුවාගේ පියා විසින් සිදු කළ පැමිණිල්ල අනුව නුවරඑළිය දිසාව භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ හා නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් පෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති නිශාන්ත බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් උපාය දුතයෙකු යොදා සැකකරුවන් නුවරඑලිය බැස් නැවතුම්පොලේ මුදල් එකතු කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා (13) දින නුවරඑළියේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නුවරඑළියේ මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි මැනවිය නියෝග කළා. මෙම නඩුව 2024.05.06 දින කැදවිමට නියෝග කෙරිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16