දරුවන් එක්ක පාසලට යමින් සිටි දෙදරු මවට සැමියාගෙන් ප්‍රහාරයක් (ඡායාරූප)

දරු දෙදෙනා පාසල වෙත රැගෙන යමින් සිටි කාන්තාවකට ඇයගේ සැමියා විසින් අද අලුයම තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස ප්‍රහාරයට ලක්වී ඇත්තේ ගම්පොළ කොස්ගොල්ල ප්‍රදේශය පදිංචි 44 හැවිරිදි දෙදරු මවක්.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති බවටයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසන්නේ.

මෙම කාන්තාව සහ සැමියා අතර පවතින ආරවුලක් අධිකරණය දක්වා යාම මෙන්ම කාන්තාවට වන්දි ලබා දීමට සිදුවීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි සඳහන්.

උසස්පෙළ හදාරන දියණිය සහ 8 වසර පන්තියේ සිටින පුතා ද රැගෙන පාසල වෙත යමින් සිටියදී ගම්පොල මරියවත්ත ප්‍රදේශයේ දී අද අලුයම මෙම පිහි ඇනුම සිදුකර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21