Fly high Get bonus Aviator Phone

දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට

වන ජිවි නිලධාරීන් විසින් යාල වන උද්‍යානයේ ගෝනගල වැව ප්‍රදේශයේ අද (26) දින සිදුකරන ලද වැටලිමකදි මරන ලද මුවෙකු වේලමින් සිටි දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කතරගම හා යාල හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු අයවලුන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබු විදුලි පන්දම් , ඊයම් බෝල, වෙඩි බෙ⁣හෙත්,පිහි සහ වියලි අහාර ද්‍රව්‍ය පාර්සල් කිහිපයක් ද වන ජිවි නිලධාරීන් භාරයට ගෙන ඇත.

කතරගම ඇසල උත්සව සමය හා පාද යාත්‍රා රාජකාරි සදහා නිලධාරීන් යෙදවිමත් සමග යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1 ප්‍රදේශයේ වන සතුන් දඩයම් කිරිම මෙම මාසය තුල ඉහල ගිය බවත් මේ කාලය තුල සැකකරුවන් 9 දෙනෙකු හා ගිනි අවි 5 ක් අත්අඩංගුවට ගැනිමට වන ජිවි නිලධාරීන් සමත්ව ඇත.

යාල වන උද්‍යානයේ වන සත්ව අඩවි සහකාර කුලරත්න ,ප්‍රසාද් ගුනරත්න ,උදිත සංජීව වන සත්ව නියාමක අනස්දින්,යසස් සේනාරත්න , සුදත් ප්‍රියංකර සහ තරිඳු ජයවිර යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් තිස්සමහාරාමය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?