spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තේක්ක රක්ෂිතයක ඇත් පැටවකුගේ මළ සිරුරක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රිටිගල වනජීවී කලාපයට අයත් අංක 194 තුලාන පඩිකාරමඩුව බංඩාරගම ප්‍රදේශයේ තේක්ක රක්ෂිතයේ තිබී මීට දින කිහිපයකට ඉහතදී මියගිය බවට සැක කෙරෙන ඇත් පැටවෙකුගේ සිරුරක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් දැක ඇති අතර පසුව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළදාරීන් දැනුවත් කර තිබෙනවා.

මෙලෙස මියගිය ඇත් පැටවා මීට දින කිහිපයකට ඉහතදී මෙම ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බව මෙම ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි.

මිය ගිය ඇත් පැටවා වයස අවුරුදු හතර හමාරක් පමණ වයසැති අඩි 5 ක් 6 ත් උස ඇත් පැටවෙකු බවටයි රිටිගල වනජීවී කාර්යාලයේ නිළදාරීන් ප්‍රකාශ කරන්නේ.

මියගිය ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයාගේ මූලිකත්වයෙන් හෙට දිනයේදී සිදු දිනයේ දී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?