තෙල් සංස්ථාවේ සේවකයන්ට හදිස්සියේ පෑදුණ ඉල්ලම

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට නත්තල් ප්‍රසාද දීමනා (බෝනස්) ලබාදීම සඳහා රුපියල් කෝටි හැටක් පමණ මුදලක් ලබා ගැනීමට ඉදිරි සතියේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

සෑම මසකම සේවක අතිකාල දීමනා සඳහා පමණක් රුපියල් කෝටි විසි පහක් පමණ වැය කරන බවද සංස්ථාව අධික වශයෙන් පාඩු ලබද්දී මෙවැනි විශාල මුදලක් ප්‍රසාද දීමනා ලෙස ගෙවීම ගැටලුවක් බවද සංස්ථා ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ හයදහසකට වැඩි සේවකයන් සංඛ්‍යාවක් සිටිති. සෑම වසරකම අප්‍රේල් , අගෝස්තු සහ දෙසැම්බර් යන මාසවලදී බෝනස් තුනක් ලබා දෙන අතර කනිෂ්ඨ සේවකයෙකුට අවම වශයෙන් රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට උපරිම වශයෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රසාද දීමනාවක්ද එක වරකට හිමිවෙයි.

කොරෝනා ව්‍යාප්තිය නිසා බොහෝ සේවකයන් පිරිසක් පසුගිය කාලයේ නිවෙස්වල සිටියද සේවකයන්ට ලැබෙන වෛද්‍ය නිවාඩු දින 21 ලබා නොගත් අයට විශේෂ වරප්‍රසාද දීමනාවක් ලෙස මසක වැටුපක් ලබාදෙයි. එහෙත් අගෝස්තු මස ප්‍රසාද දීමනාවද ඔවුන්ට ලබාදී ඇත.

අප මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් විමසීමක් කළ අතර ඔවුන් ප්‍රකාශ කළේ මෙම දීමනා අනිවාර්යයෙන්ම සේවකයන්ට ගෙවිය යුතු වියදම් සේ සැලකෙන බවය. එම නිසා දෙසැම්බරයේ ප්‍රසාද දීමනාද සේවකයන්ට ගෙවීමට සිදුවන බව පැවැසූහ.

ප්‍රසාද දීමනා සඳහා සෑම වසරකදීම මුදල් වෙන් කරන බවද වැටුප් සහ දීමනා ඇතුළු සංස්ථාවේ පුනරුත්ථාපන වියදම් සඳහා සෑම තෙල් ලීටරයකින්ම රුපියල් එකයි සත පනහක් වෙන් කරන බවද එම නිලධාරීන් සඳහන් කළහ. නිතර තෙල් සමග කටයුතු කරන ඛනිජ තෙල් සේවකයන් මෙවැනි දීමනා ලබන්නේ ඉතා අවදානම් සහගත රාජකාරියක් කරමින් බවත් ඇතැමුන් විශ්‍රාම ගිය පසු අවුරුදු පහකට වඩා ජීවත් නොවන බවද කී ඔවුන් විශ්‍රාමික වයසට පැමිණීමේදී සේවකයන් බොහෝ පිරිසක් පිළිකාව හා ශ්වසන ආබාධවලට මෙන්ම චර්ම රෝගවලට ගොදුරු වන බවද පැවැසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25
Video thumbnail
ආබාධිතබාවය කියන්නේ ආබාධයක් නෙවෙයි - අපි කතා කරන්න ඕනි හැකියා ගැන..ආදායම් නොලබන අය 70%ක්
13:20
Video thumbnail
හොර ඡන්ද දැමීම අතීතයට ගැළපෙන ක්‍රියාවලියක් - සූක්ෂම පියවර ගන්න නිසා නොමැකෙන තීන්ත ඕනි වෙන්නේ නෑ
07:23
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40