තෙල් බෙදුම්කරුවන්ගේ වර්ජනය අවසන් – සේවය යළිත් සක්‍රීයයි

අද (03) පස්වරුවේ සිට යළිත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය කරන ඉන්ධන ඇනවුම් භාරගැනීමට හා ඒවා බෙදා හැරීම් සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්.එස්.එස්. ප්‍රනාන්දු මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ බව සඳහන් කළා.

පෙරේදා (01) දිනයේ සිට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය අඩපණ වූවා.

ඒ ඉන්ධන බෙදාහරින්නන් එම ක්‍රියාවලියෙන් ඉවත් වීමයි.

කැබිනට් සාකච්ඡාවක දී රජය විසින් ඔවුන්ගේ දීමනා කප්පාදු කිරීමට එරෙහිව ඔවුන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුණා.

තම සංගමයේ ගැටලු දන්වමින් විශේෂ සංදේශයක් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්‍යය සනත් නන්දික කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබූ බවයි ඔවුන් සඳහන් කළේ.

එහිදී ජනාධිපති ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ මෙම ගැටලු පිළිබඳ ව ජනාධිපතිවරයා සමග කඩිනමින් සාකච්ඡා කර සුදුසු තීරණයක් ලබාදෙන බවයි.

එමෙන්ම තමන් ඇතුළු කණ්ඩායමට විශේෂ සාකච්ඡාවකට ද හෙට (04) දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින් ලබාදෙනු ලැබූ බව ද ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති ඩබ්.එස්.එස්. ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

එබැවින් පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොකර සෑම පිරවුම් හලකට ම අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අද පස්වරුවේ සිට අවස්ථාව යළිත් හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?