අද සවස අධික වර්ෂාවක් පැවති මොහොතේ අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ කරවනැල්ල වැන්න දළ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තියෙනවා.
මොවුන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් එනවිට විරුද්ධ දිසාවෙන් පැමිනි, කෑගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා ගමන්ගත් පෞද්ගලික බස් රථයක ඔවුන් ගමන් ගත් ත්‍රී රෝද රථය ගැටී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ රියදුරු හා බිරිද සහ ඔවුන්ගේ දරුවා වන අතර මෙම අවස්ථාවේ රියදුරුගේ මවද ත්‍රී රෝද රථයේ සිට තිබෙනවා.
රියදුරුගේ වයස අවුරුදු 33 ක් හා බිරිදගේ වයස අවුරුදු 26 ක් වන අතර දරුවාගේ වයස අවුරුදු දෙකක් වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණය රුවන්වැල්ල පොලිසිය සිදු කරයි.