2012 වසරේදී සමිත් අනුරුද්ධ නමැති අයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමාට අයත් කාර් රථය මිලදී ගන්නා බවට පොරොන්දු වී ලක්ෂ 68ක චෙක් පතක් ලබාදී එය අගරු වීම නිසා සාපරාධී විශ්වාසය කඩ කිරීමේ වරද මත තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩුවක් පවරා තිබුණි
එම නඩු විභාගයෙන් අනතුරුව අධි චෝදනා පත්‍රයෙහි සඳහන් ඉහත කී අධි චෝදනාව අධිකරණයෙහි පවත්වාගෙන යා නොහැකි බවටත්, චංචල දේපළ පැවරීමේදී විශාල නීත්‍යානුකූල අණ පනත් ප්‍රමාණයක් පවතින බවටත්, ඒවා අනුව මෙම නඩුවට අදාල ගනුදෙනු සිදුවී ඇති බවටත් තීරණය කරනු ලැබුවා.
මෙම දෙපාර්ශවය අතර තිබූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙම ගණුදෙනු සිදුවී ඇති බවටත්, පසුව එම සම්බන්ධතා අතර ප්‍රශ්න මතුවූ පසු මෙම ආරවුල පැන නැගී ඇති බවටත්, ඒ අනුව තව දුරටත් මෙකී චෝදනා චූදිත තිලිණි ප්‍රියමාලිට එරෙහිව පවත්වාගෙන යා නොහැකි බවටත් තීරණය කොට ඇය 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි අද (11) දින නිදොස්කොට නිදහස් කර තිබෙනවා.