ඊයේ(18) රාත්‍රි 8.30 ට පමණ සිදුවු වෙඩිතැබීමකින් වයස අවුරුදු 21ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ වව්නියාව, නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේදී .ඇය නිවසින් එළියට පැමිණි අවස්ථාවේ මෙම වෙඩිවැදීම සිදුව ඇත.
21 හැවිරිදි නෙඩුන්කේනි, ශිවානගර් ප්‍රදේශයේ පදිංචි දුරෙයිරාජසිංහම් ප්‍රමිලා නමැති තරුණියක් මෙලෙස වෙඩිවැදීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබේ. දැරිය සිය පියා සමග නිවසේ ජිවත්ව සිට ඇති අතර, වෙඩිතැබීමට හේතුව හා වෙඩිතැබීම සිදුකළේ කවුරුන්ද යන්න තවම අනාවරණය වී නොමැත.
පශ්චාත් මරණ පරීක්ෂණ අද(19) දිනයේ පැවැත්වීමට නියමිතය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1
















