Empty Ad
AFC Banner
Empty Ad

තවත් අතවරයක් – සැකකරු අල්ලයි

යාපනය, තෙලිප්පලෙයි රෝහලේ මානසික ව්‍යාධියක් වෙනුවෙන් ප්‍රතිකාර ලැබූ කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ; රෝහලේ පිරිසිදු සේවා කටයුතු වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් හරහා සේවයට ගත් පුද්ගලයෙකු සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බවයි.

මානසික ව්‍යාධී තත්ත්වයක් වෙනුවෙන් තෙලිප්පලෙයි මානසික රෝහලේ වාට්ටුවක ප්‍රතිකාර ලැබූ 37 හැවිරිදි කාන්තාවකට මෙම සැකකරු විසින් අතවර කර ඇති බවටයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පුද්ගලයෙක්.

මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුව ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?