spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තල්දෙනින් පැන්න නවදෙනාම අත්අඩංගුවට

බදුල්ල – තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටිය දී පළාගිය රැඳවියන් නවදෙනාම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

බන්ධනාගාර නිලධාරීන් අද (18) අලුයම් කාලයේ කඳවුර අවට ඇති වනාන්තරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී පලාගොස් සැඟව සිටි අවසන් රැඳවියන් තිදෙනා ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස පළාගිය රැඳවියන් නවදෙනාගෙන් දෙදෙනෙක් ඊයේ (17) පෙරවරුවේ සහ තවත් සිව්දෙනෙක් ඊයේ දහවල් කාලයේ දී බන්ධනාගාර නිලධාරීන් හා පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගනු ලැබුවා.

තල්දෙන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන්ගෙන්, රැඳවියන් 09 දෙනෙක් ඊයේ (17) අලුයම් කාලයේ ඉන් පළාගොස් තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් රැඳවියන් අද (18) බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?