වයස අවුරුදු 19,20 සහ 21 හැවිරිදි වියේ පසුවූ ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් යතුරුපැදියක ගමන්කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වර් තා කරන්නේ ඔවුන් යතුරුපැදියේ ගමන්කරමින් සිටියදී ජංගම දුරකථනයෙන් යම් රූගත කිරීමක් සිදුකිරීමට උත්සාහ කිරීමේදී යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකි වීම නිසා මෙම අනතුර සිදු වූ බවයි.
ඔවුන් රෝහල්ගත කලද ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ දයාලන්, ජෝන් සහ චාල්ස් නමැති තරුණයින් තිදෙනෙක්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
1
+1
8
+1
1
+1
1