තමන් ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ නොසිටි බවට රංග දිසානායකගෙන් ප්‍රකාශයක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නීති කමිටුවේ කටයුතු කර ඇති බවට පසුගිය දා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙක් රුපවාහිනී වැඩසටහනක් අතරතුර සිදු කළ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙමින් මාධ්‍ය හමුවකදී රංග දිසානායක විසින් මෙම ප්‍රකාශය සිදු කළා.

එමෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සහ ආයතන විසින් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම අල්ලස් කොමිෂන් පවසනවා.

එමෙන්ම කොමිෂන් සභාවට අවමන් කරන සහ වරදකාරී ප්‍රචාර සිදුකරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාළ අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවන බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

” විවිධ සැඟවුණු අරමුණු සහිත ව කටයුතු කරන ඇතැම් පුද්ගලයින් හා ආයතන විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ ප්‍රචාරය කිරීමේ යෙදී සිටින බව කොමිෂන් සභාව දැඩි කනස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරනු ලබයි.

මෙවැනි ක්‍රියා තුළින් කොමිෂන් සභාවේ කීර්ති නාමයට හානි පමුණුවන අතරම, දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රධාන විමර්ශන වෙතින් ජනතා අවධානය වෙනතකට යොමු කිරීම මෙන්ම කොමිෂන් සභාව විසින් සිදුකරන කටයුතු නීත්‍යාණුකූල ව කෙරෙන්නේ ද යන්න සම්බන්ධයෙන් විකෘති සහගත මතයක් නිර්මාණය කිරීමට ද මෙවැනි ක්‍රියා හේතු වේ.

කොමිෂන් සභාව සතු බලය ස්වාධීනව හා බියක් හෝ පක්ෂාග්‍රාහීත්වයක් නොමැතිව ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙන් තමන් වෙත ව්‍යවස්ථාපිත බලතල පවරා ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව නැවත වරක් සිහිපත් කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, යුත්තිය පසඳලීමට බාධා කරන හෝ දුෂණය පිටුදැකීමේ සටන සම්බන්ධයෙන් මහජනයා තුළ ඇති විශ්වාසය අවතක්සේරු කරන පදනම් විරහිත ප්‍රකාශ ප්‍රචාරය කිරීම සඳහා අවභාවිතා කළ නොහැකි බව කොමිෂන් සභාව අවධාරණය කර සිටී.

ඒ අනුව, කොමිෂන් සභාව පිළිබඳ වැරදිසහගත ප්‍රචාර සිදුකරන හෝ කොමිෂන් සභාවට හෝ එහි කටයුතුවලට අවමන් කරන පුද්ගලයින් හෝ ආයතන සම්බන්ධයෙන් දුෂණ විරෝධි පනත සහ අදාල අනෙකුත් නීති යටතේ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කොමිෂන් සභාව පසුබට නොවනු ඇත.

අල්ලස් සහ දුෂණ සම්බන්ධ විමර්ශන කඩිසරව හා අපක්ෂපාතීව නීතියට අනුකූලව සිදු කිරීම සඳහා කොමිෂන් සභාව තුළ වූ නොසැලෙන කැපවීම කොමිෂන් සභාව විසින් නැවතත් තහවුරු කර සිටින අතර, මෙම අතිශය වැදගත් කර්තව්‍ය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට සහ ජනතා අවධානය වෙනතට යොමු කිරීමට දරන උත්සාහයන් පිලිබඳව අවදියෙන් සිටින ලෙස කොමිෂන් සභාව මහජනතාව ගෙන් ඉල්ලා සිටියි”, යනුවෙන් අල්ලස් කොමසම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

  1. රංග මහතා කීර්තිමත් නිලදාරියෙක්. සාදාරණයි. එතුමා ගැන කියන කතා විස්වාස කරන්න්නට අමාරුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38