තණමල්විල ජාතික පාසලේ තවත් සිසුවියක් අපයෝජනය කරයි

සිසුන් විසි දෙකක් එක්ව තණමල්විල ජාතික පාසලේ සිසුවියක සමූහ දූෂණයට ලක්කර මසක් යන්නත් පෙරින් එම පාසලෙන්ම තවත් එවැනිම අවාසනාවන්ත පුවතක් අද (07) වාර්තා වුණා.

තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන තවත් දැරියක එම පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර සිසුවා අද (07) තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ තණමල්විල ජාතික පාසලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියක්.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මේ පිළිබඳව අනාවරණය වුණා.

දැරිය පොලිසියට ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී දැරිය සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි සිය මිත්තනියගේ නිවසට ගිය අවස්ථාවේ එම පාසලේම 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් දැරියව අපයෝජනය කර ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර සිසුවා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර පාසලේ විදුහල්පතිවරයාගෙන් හා විනයභාර ආචාර්‍යවරයාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

  1. ඉස්කෝලේ නම නැවත නැවත කියමින් කටයුතු කිරීම හරිම අශෝභනයි.මෙි සිද්ධිය ට වෙනස් හොඳින් ඉගෙනීම විෂය බාහිර කටයුතු කරන ළමයි නැද්ද?එ් අය ගැන සමාජය දැනුවත් ද?මඩ හෝද හෝදා මඩ ගහන මිනිසුන්ගේ අරමුන කුමක් ද?එක හුදකලා සිද්ධියක් වටා කරන මෙි ජඩ වැඩ නතර කිරීමට බලධාරීන් කටයුතු කරනු මැන.

    • ඇයි ඉස්කොලේ නම නොකියන්න ඕනා කියන්නේ.ක්යන්න ඕනා මහ එකාගේ ඉදලා හැමදේම හංගගෙන ඉන්න එකද වැඩෙු
      .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17