තංගල්ලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි රථ තුනේ හිමිකරුවන් අල්ලයි – වටිනාකම මිලියන 9,888යි

තංගල්ල ප්‍රදේශයේ දී ඊයේ (22) සොයා ගත් මුළු මත්ද්‍රව්‍ය තොගය සමස්ථ බර ප්‍රමාණය 705.174kg ක් බව පොලිසිය පවසනවා.

මේ අතර එම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සඟවා තිබූ ලොරි රථ තුනේ ලියාපදිංචි හිමිකරුවන් තිදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස, ඇල්පිටිය සහ මීටියාගොඩ ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ බව පොලීසිය විසින් තහවුරු කර තිබෙනවා.

මෙලෙස හමුවූ මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස් ගතව සැඟව සිටින මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උනාකූරුවේ ශාන්ත නමැත්තාගේ බවටයි පොලිසිය පවසන්නේ.

ඊයේ දිනයේ සොයාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරට තුළ එක් දිනක් තුළ දී සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ලෙසයි සලකෙනේ.